ලංකා ගල් අඟුරු සමාගම 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රේල් මස දක්වා කාලය සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත.
ඒ අනුව නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ 2026/ 2027 වාරය සඳහා ගල් අඟුරු සැපැයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක් සිදුකර තිබේ.
ලංසු කැඳවීමට අදාළ ආරාධනය ලංකා ගල් අඟුරු සමාගම සිය වෙබ් අඩවියේ මේ වනවිට ප්‍රසිද්ධ කර ඇත.
එහි දැක්වෙන්නේ 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රේල් මස දක්වා කාලය සඳහා ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීම සඳහා මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවය.
මෙම ලංසු කැඳවීම මැයි මස 14 වැනිදා දක්වා සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇති අතර අයැදුම්කරුවන් සපුරාලිය යුතු කොන්දේසි පිළිබඳව ද දැනුම් දී තිබේ.
Saru News












