කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (10) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා .
ඔවුන් රාජගිරිය ප්‍රදේශයේ කාර්යාල සංකීර්ණයක සිටියදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන් .
මෙම ඉන්දීය ජාතිකයන් මීට මාස 03කට පමණ පෙර මෙරටට පැමිණ ඇති අතර, ඔවුන්ගෙන් 17 දෙනෙකු පැමිණ ඇත්තේ සංචාරක වීසා මතයි .
සෙසු පිරිසෙන් 4 දෙනෙකු නේවාසික වීසා බලපත්‍ර යටතේ ද, එක් අයෙකු ව්‍යාපාර වීසා බලපත්‍ර යටතේ ද මෙරටට පැමිණ තිබෙනවා .
සැකකටයුතු ඉන්දීය ජාතිකයන් දෙදෙනෙකුගෙන් ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් හදිසියේ සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර ගත් තොරතුරු මත මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිව තිබෙනවා .
මොවුන් වයස අවුරුදු 25ත් – 35ත් අතර පසුවන්නන්.
අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයන් පිරිස මේ වනවිට වැළිසර පිහිටි තාවකාලික රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා තබා සිටින අතර, ඔවුන් කඩිනමින් මෙරටින් පිටුවහල්කිරීමට නියමිතව තිබෙනවා .
Saru FM Media