ජනපති කැඳවූ සාකච්ඡාව ගැන සජබය සතුටින්

0
13


ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට ජනපති කැඳවූ පක්ෂ නායක හමුව අද පෙරවරුවේ පැවැත්වුණා. 

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. 

ජනාධිපතිවරයා මුණ ගැසී අදාළ කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එම එහමුව කැඳවා තිබුණා. 

ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳවද ජනාධිපතිවරයා එහිදී පක්ෂ නායකයන් දැනුවත් කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ ඊට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත්  කළ යෝජනා පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.  

එමෙන්ම ඇමෙරිකානු රජය සමඟ සාකච්ඡා කිරීමට අදාළ යෝජනා සකස් කිරිම පිළිබඳවත්, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡාවට ලක්වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ මෙම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කර ගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද එහිදී තීරණය වී තිබෙනවා. 

මේ, එම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

Neth Sound · SAJITH 01

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා ද ජනාධිපතිවරයා සහ පක්ෂ නායකයින් අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පළ කළා. 

Neth Sound · HARSHA 01

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, නව  ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ, ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු තවත් දේශපාලන පක්ෂ රැසක නායකයින් සහ නියෝජිතයින් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියා. 

එමෙන්ම ස්වාධීන කණ්ඩායම් 17 නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අර්චුනා මහතාද එම සාකච්ඡාවට එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ. 
 



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here