චීනෙ පොටෝ එකෙන් විතරක් ගිය පුහුණුකරුවෙක්..

0
7

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 06, කොළඹ LNW:

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සඳහා ජාතික සංචිතය රැක ගැනීමට සහ මෙහෙයවීමට ඉන්දුනීසියාවෙන් පුහුණුකරුවෙක් ආවා.සද්දෙට සමාන්තරව වැඩ දුවන්නෙ නැති නිසා පුහුණුකරුට දෙන්න සල්ලි නැති තැන ඔහු බලා ගැනීමේ වගකීම හිටපු සභාපති රොහාන් ද සිල්වා තමන්ගේ දෙ‘උර මත තබා ගන්නවා.

මේ වෙලාවෙ ඔහු පුහුණු කළ ක්‍රීඩකයින් සහ ක්‍රීඩිකාවන් ඉන්නෙ චීනයෙ.ඒ ආසියානු බැඩ්මින්ටන් සූරතාවය නියෝජනය කරන්න ගිහිං.ඒ කණ්ඩායම යන්න ඉස්සෙල්ලා ගත්ත පොටෝ එකේ පුහුණුකරු යහනස් ඉන්නවා.හැබැයි ඒ පොටෝ එකට අනුව අපිට කණ්ඩායම එක්ක පුහුණුකරු චීනයට ගිය බව හිතුණත් ඔහු ඉන්නෙ ලංකාවෙ.
තමන් පුහුණුකරපු ටීම් එකත් එක්ක පොටෝත් අරගෙන පුහුණුකරු ඇයි චීනෙ ගියේ නැත්තෙ?
නමින් යොහානස් වුණ මේ ඉන්දුනීසියානු පුහුණුකරුවට චීනයට යාම සඳහා විසා අවසර ලබා ගැනීමට නම් ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකාව පැත්තෙන් සිඳු විය යුතු දේ සිඳු වී නැහැ.මේ සංචාරයට ඔහුට සහභාගි වන්න නොහැකි වුණේ ඒ නිසයි.බැඩිමින්ටන් පුහුණුකරුවා මේ තරගාවලිය ගැන ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවත් අමාත්‍යශයත් දන්නවා. විය යුතුයි.එසේනම් ඔවුන් හෝ මේ ගැන උනන්දු වී ඔවුන්ගෙන් විය යුතු යුතුකම ඉටු කර දී නැහැ.

මේ තත්ත්වය යටතේ මේ වන විට ලෝකයේ ප්‍රබලතම බැඩිමින්ටන් රටවල් සිටින ආසියානු සූරතාවය මැද කිසිඳු පුහුණුකරුවෙකු නැතුව ගොස් සිටින ශ්‍රී ලංකාව හාස්‍යයට කරුණක් වී තිබෙනවා.රටකට හිනස්සන්න දෙන්න එහි උඩින් ඉන්න මහ ජනතාව බලය ලබා දී ඇති පාලකයන්ට පුළුවන් ද? මේ වන විටත් ලෝකය ඉස්සරහා හොරට වෙන රටවල ක්‍රීඩකයන් ලංකාවට ක්‍රීඩා කරවීමෙන් පවුම් 50000 ක දඩයක් ලංකාවෙන් අය කරන්න කටයුතු කරපු පුද්ගලයත් ඇමතිවරයා සමඟ සමීපව වැඩ කරමින් සිටිනවා.

බලයට පැමිණි වහා කොයි පාලනයකින් ක්‍රීඩාවට වැරදි කරත් දඩුවම් කරනවා කියා දියගම දී බෙදා දුන්න කොළෙත් නම තිබුණු කෙනෙක් වෙච්චි වැරදි කළ රගර් පාළකයාව ඇමති පමණක් නොවේ ඔහුගේ කාර්ය මණ්ඩලයද හොඳයි සහ දක්ෂයි කියා නිර්වචන දෙන තැනට පැමිණ තිබෙන්නේ තවත් ක්‍රීඩාවක් මල ක්‍රීඩාවක් බවට පත් කරමින් සිටියදී යි.බැඩ්මින්ටන් ගැනත් අන්තිම කැමත්ත ක්‍රීඩාවේ උවමනාවට අනුව නොවේ.ඇමතිට දැනෙන හැටියට විසඳෙයි.ලෝකය ඉස්සරහා හොරු වෙච්චි අයට චරිත සහතික දෙන ක්‍රමයකින් රට විහිළුවකට ලක් කරපු උන්ට මොකවත් කරන්නෙ නැද්ද කියලා අහන එක ඊට වඩා විහිළුවක් වුණත්,ක්‍රීඩාව වෙන්නෙ කොහොමද කියන කාරණය ගැන සමාජය දැනුවත් කර තැබීම අපේ වගකීමයි.

ඒ නිසා මේ සමඟ තිබෙන පිංතූරයේ ඉන්න බැඩිමින්ටන් පුහුණුකරුවා සිටින්නේ ශ්‍රී ලංකාවේයි.ඔහු දුරකතනයට සම්බන්ධ කර ගැනීමත් දුෂ්කරයි.ඒත් අපට පුළුවන් අවශ්‍යයනම් ඒ අංකය ලබා දෙන්න.ජාතික කණ්ඩායම චීනයේ ඉද්දි,ඔවුන්ට ආසියානු තරගාවලියේදී සාර්ථක වෙන්න ගෙනා පුහුණුකරු ලංකාවෙදි හම්බ වෙන්න පුළුවන්.ක්‍රීඩා අමාතශංශයේ උඩ සිට පහළට ඉන්න අය අපට කිව යුත්තේ එක දෙයයි.මේ වෙලා තියෙන දේ හරිද?ළමයි වෙනුවෙන් පුහුණුකරුවා තියා ගන්නවාද,නැතිනම් ඉවත් කළ යුතු බව සිතන වෙනත් පිරිසක් සිටිනවාද?

අප ක්‍රීඩකයන්ට තහනමක් පැන වුව ද කටයුතු සිඳුවන හැටියට පුදුම වන්නෙත් නැහැ.උපදෙස් ගන්න තැන ඉදළම ඉන්න අයගෙ චරිත සහතික,සමහරු අනිත් ඇමතිලා එක්ක කළ කී දේ අමාත්‍යවරයාගේ ධූර කාලයට වැඩි කාලයක් ක්‍රීඩාව එක්ක හිටපු මාධ්‍යකරුවන් දන්නවා.

ඔය උඩ තියෙන්නෙ අදාළ තරගාවලියට පිටත්ව යන්න ඉස්සෙල්ලා කණ්ඩායම සමඟ ගත් පිංතූරය.ඒකෙ පුහුණුකරුවා යන්න වගේම ඇඳ ගෙන ඉන්නවා.කරුණු හොයලා බැලුවෙ නැත්නම් ඇත්තටම අපිත් අඳිනවා.

The post චීනෙ පොටෝ එකෙන් විතරක් ගිය පුහුණුකරුවෙක්.. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here