ආටිමිස් II යානය චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ කලාපයට ඇතුළු වෙයි

0
7

මිනිසාගේ අභ්‍යවකාශ සිහිනයේ නැවුම් ගමනාන්තයක් සනිටුහන් කරමින් ආටිමිස් II යානය මේ වනවිට චන්ද්‍ර ගුරුත්වාකර්ෂණ කලාපය වෙත ඇතුළු වී තිබේ.

ඒ පසුගිය අප්‍රේල් පළමුවැනිදා ආරම්භ කළ ගමනේ කූඨප්‍රාප්තිය වෙත ළඟා වෙමිනි.

ආටිමිස් ගගනගාමීන් සිවුදෙනා රැගත් යානය මෙරට වේලාවෙන් හෙට අලුයම 4:35 ට මෙහෙයුමේ උපරිම දුර වෙත ලඟා වීමට නියමිතයි.

ඒ මිනිසා මෙතෙක් පෘථිවියෙන් ඔබ්බට ගමන් කළ වැඩිම දුර ලෙස ඓතිහාසික පියවරක් තබමිනි.

මේ අනුව ඔවුන් පෘථිවියේ සිට සැතපුම් 252,757ක දුරක් ගමන් කරන අතර, එය වසර 56කට පෙර ඇපලෝ 13 මෙහෙයුමේ නියමුවන් තැබූ වාර්තාව අභිබවා යාමකි.

ආර්ටිමිස් ගගනගාමීන් මෙහිදී සඳේ අඳුරු පස නිරීක්ෂණය කරනු ඇති.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here