චාල්ස් රජු ඉතාලි භාෂාවෙන් එරට පාර්ලිමේන්තුව අමතයි

0
18


ඉතාලියේ රාජ්‍ය සංචාරයක නිරත බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු ඉතාලි භාෂාවෙන් එරට පාර්ලිමේන්තුව අමතා තිබෙනවා.

සිය තුන්දින ඉතාලි නිල සංචාරය අතරතුර දේශනයක් පවත්වමින් සිටිය දී ඔහු ඉතාලි භාෂාව භාවිත කිරීමත් සමග එරට මන්ත්‍රීවරුන් එකදිගට ප්‍රීති ගෝෂා නගා තිබෙනවා.

තමන්ට ඉතාලියට නැවත ආරාධනා නොකරන තරමට තමන් එම භාෂාව විනාශ නොකරනු ඇතැයි යනුවෙන් චාල්ස් රජු මෙහිදී විහිළුවක් ද කර තිබෙනවා.

මෙම සංචාරය බ්‍රිතාන්‍ය චාල්ස් රජු සහ රැජිනගේ විසිවන විවාහ සංවත්සරයට සමගාමිවයි සිදුකර තිබෙන්නේ.

විවාහ දිනයේ දී රැජින ඇද සිටි ඇදුමම මෙහිදී පැළඳ සිටීම විශේෂත්වයක්.

මේ අතර චාල්ස් රජු පාප් වහන්සේ ද හමුවී තිබෙනවා.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here