රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා පරිගණක, ජංගම දුරකථන සහ සපත්තු තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙනවිත්, ඒවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිටකරගෙන යමින් සිටි ගුවන් මගියෙකු ද සමග අද (10) දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු 43 හැවිරිදි ව්‍යාපාරිකයෙක් බවත් හෙතෙම කොළඹ – ගුණසිංහපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද දසත ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළා.
සැකකරු අද පෙරවරු 09.30 ට ඩුබායි සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 2459 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවත් වාර්තාවනවා.
ඔහු විසින් රැගෙන ආ ගමන් මළු තුළ ලැප්ටොප් පරිගණක 35ක්, ටැබ් පරිගණක 03ක්, අයිෆෝන් 10ක්, මෙමරි කාඩ්චිප් 100 ක් සහ සපත්තු තොගයක් තිබූ බවයි පැවසෙන්නේ.
මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු ගුවන් මගියා සහ ඔහු විසින් නීතිවිරෝධී ලෙස රැගෙන ආ භාණ්ඩ තොගය කටුනායක ගුවන් තොටුපොළ නයිකන්ද ප්‍රදේශයේ පිහිටි රේගු නිවාරණ කාර්යාලයේ නිලධාරීන් වෙත භාරදීමට පියවර ගෙන තිබෙනවා.
Saru FM Media