ගල් අඟුරු සඳහා ටෙන්ඩර් කැඳවයි – Saru News | සිංහල

0
6

ලක්විජය බලාගාරයේ 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රෙල් මස දක්වා කාලය සඳහා ගල්අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීම සඳහා ගල්අඟුරු සැපයුම්කරුවෙක් තෝරා ගැනීම වෙනුවෙන් ලංසු කැඳවීමක් සිදුකර තිබේ.

එම ලංසු කැඳවීමට අදාළ ආරාධනය ලංකා ගල්අඟුරු සමාගම සිය නිල වෙබ් අඩවියේ මේ වනවිට ප්‍රසිද්ධකර ඇත.

එහි දැක්වෙන්න් 2026 සැප්තැම්බර් මාසයේ සිට 2027 අප්‍රෙල් මාසය දක්වා කාලය සඳහා ගල්අඟුරු මෙට්‍රික්ටොන් මිලියන 2.28ක් මිලදී ගැනීමට මෙම ටෙන්ඩර් කැඳවීම සිදුකර ඇති බවය.

මෙම ලංසු කැඳවීම මැයි මස 14 වැනිදා දක්වා සිදුකිරීමට අවස්ථාව ලබා දී ඇති අතර අයදුම්කරුවන් සපුරාලිය යුතු කොන්දේසි පිළිබඳවද දැනුම් දී තිබේ.

ඒ අනුව 2026 වසරේදී යාත්‍රා 20ක් සහ 2027 වසරේදී යාත්‍රා 18ක් වශයෙන් යාත්‍රා 38ක් යටතේ ගල්අඟුරු සැපයීම සිදුකළ යුතු අතර දින 210ක් ඇතුළත අදාල සියලු සැපයුම් සිදුකළ යුතු බවද එම කොන්දේසිවල සඳහන්.

සපයනු ලබන ගල්අඟුරුවල ප්‍රමිතිය සහ ලංසු ඉදිරිපත් කරනු ලබන සමාගම්වල වගකීම සහ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්ද ලංකා ගල්අඟුරු සමාගම අදාළ ටෙන්ඩරය මගින් දැනුම්දී තිබේ.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here