විදුලි සේවකයෝ හෙට අනිද්දා ලෙඩ වෙති

0
8

ලංකා විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අද (16දා) සිට දැවි කරන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා කියා සිටී,

ඒ අනුව එමෙන්ම හෙට (17දා) සහ අනිද්දා දිනයේදී සියලු සේවකයින් කණ්ඩායම් දෙකක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත බවද හෙතෙම කීය.

මෙතෙක් අකුරට වැඩ කිරීමට ගෙන තිබූ පළමු ක්‍රියාමාර්ගය ඊයේ දිනෙන් අවසන් වූ බවත් අද සිට එහි දෙවන පියවරට එළැඹීමට සිය සංගමය තීරණය කළ බවත්ය.

Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here