නිරිත දිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
නිරිත දිග බෙංගාල බොක්කේ මධ්‍යම ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 12 තුළ බටහිර මධ්‍යම බෙංගාල බොක්ක හරහා උතුරු දෙසට ගමන් කිරීමට ඉඩ ඇති අතර ඉන් අනතුරුව, එය ඉදිරි පැය 24 තුළ මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව ක්‍රමයෙන් දුර්වල වීමට ඉඩ ඇති බවයි සඳහන් වෙන්නේ.
එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං (පැ.කි.මී. 60 පමණ), සමගින් තද වැසි පැවතිය හැකි අතර ඒ පිළිබඳව අවධානයෙන් පසුවෙන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
Saru FM Media