GMOA වර්ජනය අත්හිටුවයි – Saru News | සිංහල

0
4

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (06) පෙරවරු 08.00 සිට අත්හිටුවීමට තීරණය කර තිබෙයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස සඳහන් කරන්නේ ලබන බ්‍රහස්පතින්දා සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති සමග සිය ගැටළු සාකච්ඡා කිරීමට අවස්ථාව ලබා දීම පදනම් කරගනිමින් සිය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවය.

ඒ අනුව අද (06) විදෙස්ගත වන සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස යළි දිවයිනට පැමිණීමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා අදාළ සාකච්ඡාව පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම වැඩවර්ජනය ආරම්භ කර තිබුණේ, වෛද්‍යවරුන්ගේ මාරුවීම් සකස් කිරීම සඳහා තම සංගමය සම්බන්ධ කර නොගැනීම සහ දුෂ්කර රෝහල් ලයිස්තුව සකස් කිරීම සඳහා තමන්ව සම්බන්ධ කර නොගැනීම ඇතුළු කරුණු කිහිපයක් පදනම් කරගෙනය.

ඔවුන් සිය වර්ජනය අතරතුර සීමාවාසික වෛද්‍යවරුන්ට රජයේ වෛද්‍ය පත්වීම් සඳහා ඉල්ලුම් නොකර තම වර්ජනයට සහාය වන ලෙසද දන්වා සිටියේය. එහෙත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ 96%ක්ම රජයේ වෛද්‍ය පත්වීම් සඳහා ඉල්ලුම් කර තිබිණි.


5

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here