තවත් කාලය දෙන්න බැහැ. අල්ලස් කොමිසම මහින්දගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි!

0
4

කොළඹ LNW: 2010 – 2015 කාලයට අදාලව අප්‍රේල් මාසයේ 10 වැනි දිනට පෙර වත්කම් බැරකම් ප්‍රකාශ දිවුරුම් ප්‍රකාශයක් මගින් ලබා දෙන ලෙස, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ.

අප්‍රේල් 10 වැනිදා යන දිනය තවදුරටත් දීර්ඝ නොකරන බව පවසා ඇති අල්ලස් කොමිසම, එම දිනයට පෙර නිසි ලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට අපොහොසත් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට සිදුවන බවයි හිටපු ජනාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ.

උක්ත කාලය තුළ රාජපක්ෂවරු විසින් උපයා ඇති දේපළ පිළිබදව සිදු කරන විමර්ශනයකට අදාලව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මෙම වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලා තිබේ.

The post තවත් කාලය දෙන්න බැහැ. අල්ලස් කොමිසම මහින්දගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ඉල්ලයි! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here