ඉන්ධන බෙදුම්කරුවන්ගේ ලාභය CPCය පිල්ලි ගහලා?

0
5

ගැටලු කිහිපයක් මුල් කර ගනිමින් දිවයිනේ සියලුම ඉන්ධන පිරවුම්හල්හිමියන් අද (06 ) ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක් පවත්වන බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. 

මේ අතර, මිල සූත්‍රය අනුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා අනෙකුත් සංස්ථා මෙහෙයුම් ලාභියා ලෙස සියයට 6ක් ලබා ගන්නා බවත්, ඉන්ධන පිරවුම්හල් වෙත සියයට 3ක ලභාංශයක් ලබාදීමට කටයුතු කළත් එය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව පාලන අධිකාරිය විසින් කප්පාදු කර ඇති  එහි විධායක කමිටු සාමාජික ඩී.වී. ශාන්ත සිල්වා මහතා පවසයි.

කොළඹදී ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කීය.

එමෙන්ම ඩී.වී. ශාන්ත සිල්වා කියා සිටියේ ඇණවුම් කරන ලද ඩීසල් සහ පෙට්‍රල් නියමිත අයුරින් ලබානොදීම තුළ ඉන්ධන පිරවුම්හල් පවත්වාගෙන යාමේදී දැඩි අසීරුතාවකට මුහුණ දී ඇති බවය.

කෙසේවුවද, ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගෙන් සූරාගන්නා මුදල් පාරිභෝගිකයාට ද නොලැබෙන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

එසේම, ඉන්ධන බෙදා හැරීමට කිව්.ආර් ක්‍රමවේදය පමණක් සිදුකිරීම ප්‍රමාණවත් බවත් ඔත්තේ, ඉරට්ටේ ක්‍රමවේදය තුළ සිදුවන්නේ අනවශ්‍ය කලබලයක් බවත් ඔහු කියා සිටින්නේ ය.

මෙම ක්‍රමවේදය හේතුවෙන් ඉන්ධන පිරවුම්හල් සේවකයන් දැඩි ලෙස අසීරුතාවට පත්ව ඇති බවද ඔහු කීය.

මේ සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරින් දැනුවත් කර ද කිසිදු ප්‍රතිචාරයක් නොමැති බැවින් මෙම විරෝධතාවය සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here