කවර හෝ ප්‍රශ්නයක් විසඳා ගැනීමේ මාර්ගයක් ලෙසින් යුද්ධය අනුමත නොකරන බවට ශ්‍රී ලංකාව අනුගමනය කරන ස්ථාවරය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ දී අතිශය ප්‍රබල ලෙසින් මතු වී තිබේ.
හෝමූස් සමුද්‍ර සන්ධිය නාවික ගමනාගමනයට විවෘත කර ගැනීම සඳහා යුදමය බලයක් යෙදවිය යුතු බවට බහරේන් රාජ්‍යය විසින් ආරක්ෂක මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර තිබිණි. එම යුදමය යෝජනාවට විරෝධය පළ කරන බව ප්‍රංශය ප්‍රකාශ කිරීමත් සමඟ ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් දැමීමට සිදු වී තිබේ.
මේ අනුව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ බලවත් රටවල් 5 අතරින් ඇමරිකාව හැර චීනය, රුසියාව, ප්‍රංශය සහ මහා බ්‍රිතාන්‍යය යුද්ධයට විරුද්ධ ස්ථාවරයකට පැමිණ සිටී. ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ දී ඉරාන නෞකාවකට ප්‍රහාර එල්ල කර විනාශ කිරීමත් සමඟ යුද්ධය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ස්ථාවරය ලෝකය හමුවේ ඉදිරිපත් කළ අතර, මේ වනවිට එම ස්ථාවරය අනුව යමින් ලෝකයේ බලවතුන් රැසක් පවා පෙළ ගැසෙමින් සිටිති.
2
Saru News













