මාස 3යි! වෙඩිතැබීම් 30යි! ඝාතන 30යි!

0
14


මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට අප්‍රේල් 06 වැනිදා දක්වා වූ කාලය තුළදී දිවයින තුළ සිදුව ඇති වෙඩිතැබීම් සිද්ධීන් තිහක් සිදුව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවැසීය.
අදාළ සිද්ධිවලින් මියගිය සංඛ්‍යාව තිහකි.

අදාළ කාලය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි මගින් සිදුකළ වෙඩිතැබීම්වලින් 19 දෙනකු මියගොස් ඇති බවත්, වෙනත් පෞද්ගලික ආරවුල් මත සිදුවූ වෙඩිතැබීම්වලින් 11 දෙනු මියගොස් ඇති බවත් පොලිසිය සඳහන් කළේය.

මේ අතර, එම කාලසීමාව තුළ සිදුව ඇති මාරක රිය අනතුරු 565කින් 592ක් මියගොස් ඇත.

පසුගිය මාර්තු 28දා වනවිට සිදුව ඇති රිය අනතුරුවලින් පුද්ගලයන් 1,262ක් බරපතළ තුවාල ලබා ඇති අතර, සුළු තුවාල ලබා ඇති සංඛ්‍යාව 2,145කි.
එමගින් සිදුව ඇති අලාභහානි සංඛ්‍යාව 968ක් බවද පොලිසිය පැවැසීය.

ප්‍රේමලාල් විජේරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here