දකුණු ලෙබනනයේ ක්ෆර්හටා ගම්මානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයින් 7දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
එමෙන්ම බේරූට්හි ප්‍රදේශයකට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් 39දෙනෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්.
පසුගිය මාසයේ ආරම්භ වූ සටන්වලින් පසු එරට අත්විඳි දරුණුතම සහ ප්‍රචණ්ඩකාරී දිනයක් ලෙස මෙය සටහන් වී ඇත.
මෙම ප්‍රහාර හමුවේ මාර්තු අග වන විට හිස්බුල්ලා සටන්කාමීන් 400කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර ඊශ්‍රායල සෙබළුන් 10ක් පමණ දකුණු ලෙබනනයේදී මියගොස් ඇති බවද වාර්තා වේ.
ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ (05) වන විට ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 1,461දෙනෙකු මියගොස් ඇති බවය.
Saru News
















