මාය 5ක් තිස්සේ ආතරයිටීස් රෝගීන්ට බෙහෙත් නෑ! Sri Lanka Latest News

0
10


ආතරයිටීස් රෝගීන් සඳහා බලපා ඇති ඖෂධ හිඟය මාස පහකට ආසන්න කාලයක් තිස්සේ දිග්ගැස්සෙමින් තිබුණද ඒ සඳහා මෙතෙක් සෞඛ්‍ය බලධාරීන්ගේ හෝ ඇමැතිවරයාගේ අවධානය යොමුව නැති බව රෝගීහු පවසති. Sri Lanka Latest News

අදාළ රෝගීන් ඉරිදා දිනයේ පමණක් ලබාගන්නා බෙහෙත් පෙති හය අඩංගු ඖෂධයත් අනෙකුත් ඖෂධ වර්ගත් කළුබෝවිල රජයේ රෝහලේ බෙහෙත් නිකුත් කිරීමේ අංශ වෙත ලැබී නොමැති බවයි ඖෂධවේදීන් සඳහන් කරන්නේ.

ඉරිදා දිනයේ භාවිතයට ගන්නා ඖෂධය ප්‍රමිතියෙන් තොරව ගෙන්වා ඇතැම් පෞද්ගලික ඖෂධහල්වල වැඩි මිලට අලෙවි කරන බවත්, එම ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබා නොගන්නා ලෙස ඇතැම් වෛද්‍යවරුන් රෝගීන්ට උපෙදස් දී ඇති බවත් සඳහන්ය.

මෙම ඖෂධ හිඟය පිළිබඳ විමසීමට සෞඛ්‍ය ඇමැති හා නියෝජ්‍ය ඇමැතිවරයාගේ ජංගම දුරකතනවලට අවස්ථා 17කදී පමණ ඇමතුම් ලබාගත්ද එම දුරකතනවලින් ඇසුණේ පටිගත කළ ‘එක මිටකට’ ගීතය පමණි.

මේ ගැන වෛද්‍ය සැපයුම් අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජී. විජේසූරිය මහතාගෙන් විමසූ විට ඔහු පැවැසුවේ කළුබෝවිල රෝහලේ ආතරයිටීස් ඖෂධ හිඟය ගැන සොයා බලන බවයි.

පොදුවේ ඖෂධ හිඟයක් ඇති බව පිළිගන්නා නමුදු තියෙන ඖෂධ ගැනත් කතාකිරීමද වැදගත් බවයි ඔහුගේ අදහස වූයේ.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කළේ මෙම ඖෂධ හිඟයට හේතුව සැපයුම් අංශයද නැතහොත් විදේශ රටකින් තවමත් ගෙන්වා නොමැති වීමද යන්න සොයාබලන බවයි.

ප්‍රේමලාල් විජේරත්න



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here