දේශබන්දු අද යළි අධිකරණයට – ඇතුළෙම අවුරුදු කන්න වෙයිද?

0
12


කොළඹ LNW:රක්ෂිත බන්ධනාගාර ගතව සිටින වැඩ තහනම් කර තිබෙන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (10) යළි මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

වැලිගම W 15 හෝටලය අසල සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම සහ එහිදී පොලිස් නිලධාරියෙකු මියයාමේ සිදුවීමට චෝදනා ලබමින් දේශබන්දු තෙන්නකෝන් මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය පෙබරවාරි 27 වැනිදා නියෝග කළ අතර එම නියෝගයෙන් දින 20කට පසු එතෙක් සැඟව සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගිය මාර්තු 19 වැනිදා අධිකරණයට භාර විය.

අනතුරුව ඔහුගේ ඇප ඉල්ලීමද ප්‍රතික්ෂේප වූ හෙයින් දැඩි ආරක්ෂාවක් මැද රක්ෂිත බන්ධනාගාර කෙරුණි.

ආශිකා බ්‍රාහ්මණ



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here