උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

0
6

හෙට (06) දිනයේ දී බස්නාහිර, සබරගමුව, දකුණු, නැගෙනහිර, වයඹ, උතුරු සහ උතුරු – මැද පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ”අවධානය යොමු කළයුතු” මට්ටමක පැවතිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට දිනය සඳහා වලංගු වන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ ඉහත සඳහන් ප්‍රදේශවල ජනතාවට විමසිලිමත් වන ලෙසය.

 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here