දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට ඉන්දීය කොංග්‍රස් පක්ෂයෙන් චෝදනා..

0
5

රෂිකා හෙන්නායක අප්‍රේල් 05, කොළඹ LNW :

දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා පුදුචේරි ප්‍රාදේශීය දේශපාලන කටයුතුවලට මැදිහත් වූ බවට ඉන්දීය කොංග්‍රස් පක්ෂය චෝදනා කරයි.

ඔහු එහි ධීවර ප්‍රජාව හමුවීමට සහ දේශපාලන රැස්වීම්වලට සහභාගී වීම මගින් ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික සම්මුතීන් උල්ලංඝනය කර ඇති බව එම පක්ෂයේ මතයයි.

මෙම සිදුවීම හරහා විදේශීය රාජ්‍යතාන්ත්‍රිකයෙකු මෙලෙස අභ්‍යන්තර දේශපාලනයට සම්බන්ධ වීම සම්බන්ධයෙන් ඉන්දීය මැතිවරණ කොමිසම සහ මධ්‍යම රජය පියවර ගත යුතු බවට බලකිරීම් එල්ල වේ.

විශේෂයෙන්ම 1961 වියානා සම්මුතිය උපුටා දක්වමින් මෙම ක්‍රියාව මෙරට ස්වෛරීභාවයට එල්ල වූ බලපෑමක් ලෙස විරුද්ධ පක්ෂය පෙන්වා දෙයි.

The post දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස්වරයාට ඉන්දීය කොංග්‍රස් පක්ෂයෙන් චෝදනා.. appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here