සුව සැරිය අලුත් තැනකට

0
6

1990 සුවසැරිය ගිලන් රථ සේවාවේ නව ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

ඉතාම දුෂ්කර තත්ත්වයක් යටතේ ආරම්භ කළ සුවසැරිය සේවාව අද වනවිට ස්ථාවරත්වයට පත්ව ඇති බව අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

සුවසැරිය ආරම්භෙය් දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම ගිලන් රථ රෝහල් වෙත ඇතුළු කිරීමට පවා ඉඩ නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් මෙහිදී හෙළි කරන ලදී.

මෙතෙක් පැවතියේ රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පැවති සුවසැරිය ගිලන් රථ සේවාවේ කාර්යාලය කොළඹ 7 හෝර්ටන් පෙදෙස අංක 43 දරණ ස්ථානයේ පිහිටුවීම අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන රාජ්‍ය ආයතන, අමාත්‍යංශ්‍ය සහ දෙපාර්තමේන්තු සදහා අධික කුලී පිරිවැයක් දැරීමට සිදුවීම බරපතල ගැටලුවක් වන බැවින් ඒවා රජයට අයත් ගොඩනැගිලි වෙත ගොනයාමේ රජයේ වැඩපිළිවෙළ යටතේ නව කාර්යාලය පිහිටුවන ලදී.

මේ තුළින් වාර්ෂිකව රුපියල් මිලියන 25ක මුදලක් ඉතිරි කර ගැනීමට හැකිවනු ඇත.

නව කාර්යාලය විවෘත කිරීමෙන් අනතුරුව අමාත්‍යවරයා කාර්යාල පරිශ්‍රයේ නිරීක්ෂණයක ද නිරත විය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ අමාත්‍යවරයා සුවසැරිය ගිලන් රථ සේවාව වෙනුවෙන් කටයුතු කළ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාට එවක හිටපු අග්‍රාමාත්‍යවරයාට මෙන්ම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ඉන්දීය ජනතාවට විශේෂ ස්තූතියක් පිරිනැමීය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here