කටුනායක ගුවන් තොටුපළේ කොතලහිඹුටු ජාවාරමක් වටලයි! 

0
6

රෂිකා හෙන්නායක අප්‍රේල් 05, කොළඹ LNW :

කටුනායක ගුවන් තොටුපළේදී ශ්‍රී ලංකාවට ආවේණික කොතලහිබුටු තොගයක් නීති විරෝධී ලෙස චීනයට රැගෙන යාමට උත්සාහ කළ පුද්ගලයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මෙම වටිනා ශාක කොටස් තේ පාර්සල් ලෙස ව්‍යාජ ලෙස සකස් කර තම ගමන් මලු තුළ සඟවා තිබියදී සොයාගෙන ඇත.

වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත යටතේ ආරක්ෂිත ශාකයක් වන මෙය මෙලෙස අපනයනය කිරීම බරපතල නීතිමය වරදකි.

අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය රාජසන්තක කිරීමට බලධාරීන් පියවර ගත් අතර අදාළ පුද්ගලයාට රුපියල් ලක්ෂ දෙකක දඩයක් පනවා ඇත.

දිවයිනේ ජෛව උරුමයන් රැකගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව මේ වන විට වැඩිදුර විමර්ශන පවත්වමින් සිටී.

The post කටුනායක ගුවන් තොටුපළේ කොතලහිඹුටු ජාවාරමක් වටලයි!  appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here