කෙසෙල්ගමු ඔයේ ගිලී අතුරුදන් වූ සිසුවාගේ මළ සිරුර ගොඩ ගනියි 

0
6

කෙසෙල්ගමු ඔයේ දිය නෑමට ගොස් ගිලි අතුරුදහන්ව සිටි පාසල් සිසුවාගේ මළ සිරුර අද (05) සොයාගෙන තිබේ. 

එම ඔයේ සිල්වර් වලේ ගැඹුරු ස්ථානයක තිබී මළ සිරුර ගොඩගත් බව නෝර්වුඩ් පොලීසිය සඳහන් කරයි. 

මේ සඳහා කොළඹ වරාය රංගල නාවික කඳවුරේ නාවික හමුදාවේ කිමිදුම්කරුවන්ගේ සහාය ද ලබාගෙන තිබේ. 

මෙලෙස දියේ ගිලී මිය ගොස් ඇත්තේ, නෝර්වුඩ් වත්තේ පදිංචි නෝර්වුඩ් අයර්බි දමිළ මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබමින් සිටි සීදරන් වාගීෂන් නැමති පාසල් සිසුවෙකි.

මියගිය සිසුවා ඊයේ (04) පස්වරුවේ ඔහුගේ මිතුරන් 11 දෙනෙකු සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙලගමුඔයේ සිල්වර්වලේ දිය නාමින් සිටියදි අතුරුදහන් විය.

අතුරුදහන් වූ සිසුවා සොයා නෝර්වුඩ් පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසීන් දැඩි උත්සහයක නිරත වූහ.

කෙසේවෙතත් සිල්වර්වල ස්ථානයේ ගැඹුරු ස්ථානයක් බැවින් අතුරුදහන් වු සිසුවාගේ සිරුර සොයා ගැනීමට නෝර්වුඩ් පොලිසිය නාවික හමුදාවේ සහයෝගය ලබා ගැනීමට කටයුතු කළහ. 

සිල්වර්වලේ තිබි ගොඩගත් සිසුවාගේ සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සදහා දික්ඔය මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලීසිය විසින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here