පාදුක්ක සහ ඒ අවට ප්‍රදේශවලට පැය 12ක ජල කප්පාදුවක්

0
6

පාදුක්ක සහ අවට ප්‍රදේශවලට අද පස්වරු 8.00 සිට හෙට පෙරවරු 8.00 දක්වා පැය 12ක ජල කප්පාදුවක් සිදු කෙරන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ ජල පෝෂක ජලාශ මගින් ක්‍රියාත්මක ලබුගම සහ කලටුවාව ජල පිරිපහදු මධ්‍යස්ථානවල පමණක් ජලාශවල ජල මට්ටම සීග්‍රයෙන් පහළ යන බැවින් නිෂ්පාදනය සීමා කර ඇති බවය.

ඒ අනුව ජල පිරිපහදු මධ්‍යස්ථාන මගින් ජලය සපයනු ලබන ප්‍රදේශයන් සඳහා ජල සැපයුම සීමා කිරීමට තීරණය කර ඇති බැවින් අද රාත්‍රි 8.00 සිට හෙට දින එනම් සඳුදා පෙරවරු 8.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බව ජාතික ජල සම්පාදන මණ්ඩලය නිකුත් කළ නිවේදනයේ සඳහන්ව ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here