ඕනෑම සාධාරණ වර්ජනයකට විසඳුම් ලබා දිය හැකි බව ඇමති නලින්ද කියයි

0
5

සෑම ගැටලුවකටම විසඳුම් ලබාදීමට රජයට හැකියාව පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ගැටලුවලට විසඳුම් ලබාදී ඇති බවත් ඉදිරියේදී විසඳුම් ලබා දෙනු ඇති බවට ඔවුන් දන්නා බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය. 

 මේ වනවිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කර ඇති පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් වන ගැටලුව නිරාකරණය කර ඇත.

මෙම පත්වීම් සඳහා වෛද්‍යවරුන් 453 දෙනෙකුගෙන් 435ක් අයදුම් කර ඇති බව නලින් ජයතිස්ස මහතා අවධාරණය කළේය.

මේ වනවිට ඊට අදාළ ලැයිස්තුව සකස් කරමින් සිටින බවත් ඉදිරියේදී එය ප්‍රකාශයට පත් කරන බවත් ඔහු කීය.

සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර මෙම වෛද්‍යවරුන් සඳහා පළමු පත්වීම ලබා දෙන බව අමාත්‍යවරයා කියාසිටියේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here