2026 වසරේ සිට සිංහල අලුත් අවුරුදු නැකැත් සීට්ටුවට ‘තෙල් වළං ලිප තබන නැකැත’ එක්කර තිබේ.
ඒ අනුව එම නැකැත අද එනම් අප්‍රේල් මස 05 වැනිදා ඉරිදා පූර්වභාග 11.08 ට යෙදේ. රතු සහ කහ මිශ්‍ර හෝ තඹවන් පැහැ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොළවා තෙල් වළං ලිප තබා එළැඹෙන සිංහල අවුරුද්දේ කැවිලි පිසීම ආරම්භයට සුදුසු බව සංස්කෘතික දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද රාජ්‍ය අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වේ.
මෙදිනට සියලු කැවිලි සකස් නොකරන බවත් ආරම්භය සනිටුහන් කරන බවත් සඳහන්.
ආස්මී වැනි කැවිලි සඳහා පැණි දමා සකස් කිරීමට ද කාලය අවශ්‍ය බැවින් පැරණි ජන සම්ප්‍රදායේ මේ නැකැත් සැකසුණු තෙල් කැවිලි සැකසීම ආරම්භ වූ ආකාරයටම සිංහල අලුත් අවුරුද්ද ආරම්භයට දින ගණනාවක්ම ඉදිරියට තබා තෙල් කැවිලි පිසීමේ අවුරුද්ද ඇරඹෙන නැකැත නැකැත් සෑදීමේ විද්වත් කමිටුව විසින් ශාස්ත්‍රානුකූලවම සකසා සංස්කෘතික දෙපාර්තමේන්තුවට ලබා දී ඇති බව ජ්‍යෝතිර්වේදීන්ගේ විද්වත් කමිටුව පවසයි.
Saru News













