කප්පම් ගත් රාජපක්ෂ ගෝලයා ඉල්ලන් කයි – Saru News | සිංහල

0
8

රාජපක්ෂ පවුලේ අතිශය සමීපතමයෙකු වන ප්‍රසන්න රණතුංග නාගරික සංවර්ධන අමාත්‍යවරයාව සිටියදී රුපියල් මිලියන 64ක කප්පම් ගැනීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නැවත වරක් තහවුරු වී තිබේ.

මීතොටමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් ඉල්ලා එයින් මිලියන 15ක් ලබා ගැනීම සම්බන්ධව මහාධිකරණය ඉදිරියේ පවරා තිබූ නඩුවක් විභාග කර අවසානයේ 2022 ජූනි 06 වෙනි දින ඔහු වැරදිකරු බවට තීන්දු කර වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් වසර 5කට අත්හිටුවා රුපියල් මිලියන 26ක දඩ මුදලක් ද ගෙවන ලෙස නියෝග කර තිබිණි.

මහාධිකරණයේ එම නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ ප්‍රසන්න රණතුංග එම පෙත්සම ඉල්ලා අස් කර ගෙන අදාළ දඩ මුදල් ගෙවා සමථයකට පත් කිරීමට පසුගිය සති අන්තයේ දී එකඟ විය. පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එම අභියාචනය විභාග වෙමින් පවතින අතර, මහාධිකරණ තීන්දුවටත් වඩා බරපතළ තීන්දුවක් ලැබේ යැයි බියෙන් එම පෙත්සම ඉල්ලා අස් කර ගත් බව නීති ප්‍රවීණයෝ පෙන්වා දෙති.


3

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here