ඉරානයේ අදූරදර්ශී හමුදා නායකයින් ඝාතනය කළ බව ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක් 

0
8

ටෙහෙරානයට එල්ල කළ ප්‍රහාරවලින් ඉරානය අදූරදර්ශී ලෙස මෙහෙයවූ හමුදා නායකයින් රැසක් ඝාතනය කර කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 

සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

ටෙහෙරානයට එල්ල කළ දරුණු ප්‍රහාරවලින් තවත් ඉලක්ක රැසක් විනාශ වූ බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

එකඟතාවලට පැමිණීමට හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබාදුන් පැය 48ක කාලය අවසන්වීමට මෙම ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන රජය මේ දක්වා තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු කර නැත. 

මේ අතර කුවේට් රාජ්‍ය ඇති විදුලි සහ ජල බලාගාර ඉලක්ක කරමින් ඉරානය විසින් ප්‍රහාර මාලවක් එල්ල කර ඇත. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here