හිටපු ඇමති පිල්ලෙයාන් PTA යටතේ රඳවාගෙන ප්‍රශ්න කරයි

0
14


සටහන – රුවන් නෙළුගොල්ල

අත් අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

පිල්ලෙයාන්ව අත් අඩංගුවට ගනු ලැබුවේ ඊයේ (අප්‍රේල් 08) රාත්‍රියේ මඩකලපුවේ පිහිටි ඔහුගේ කාර්යාලයේදී ය.

ඒ, නැගෙනහිර විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපතිවරයකු වූ මහාචාර්ය සිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ය.

එම මහාචාර්යවරයා පැහැරගෙන ගොස් තිබුණේ 2006 දෙසැම්බර් 15 වනදා කොළඹ 07 විද්‍යා මන්දිරයේ පැවති උත්සවයකට සහභාගී වී සිටියදී ය.

ඒ අනුව පිල්ලෙයාන්ව මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනෙන්නේ වසර 18 කට පසුව වීම ද විශේෂත්වයකි.



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here