සිංහල අවුරුද්දට පෙර දින 17 කට අදාළ විශ්‍රාම වැටුප (වැටුපේ කොටස) ලබා දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු ප්‍රධානීන්ගෙන් පසුගියදා ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පසුගිය පෙබරවාරි මස 17 වැනිදා සම්මත කෙරිණ.
මේ අනුව පෙබරවාරි මාසයේ 17 වැනිදා දක්වා විශ්‍රාම වැටුප (කොටස) ඔවුනට නිත්‍යානුකූලව හිමි විය යුතුව ඇත.
එම මුදල පාර්ලිමේන්තු මූල්‍ය අංශයේ ප්‍රමාදයක් හේතුවෙන් හිටපු මන්ත්‍රීවරුන්ට මෙතෙක් ලැබී නැතැයි වාර්තා වේ.
මේ අතර, විශ්‍රාම වැටුපේ කොටස සිංහල අවුරුද්දට පෙර ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මහලේකම්වරියගෙන් ඉල්ලීමක් කර ඇති බව විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදයේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් පසු හිටපු මන්ත්‍රීවරුන් පන්සියයකට වැඩි පිරිසකගේ (කලාත්‍රයන්ද ඇතුළුව) විශ්‍රාම වැටුප අහෝසි වී ගියේය.
Saru News















