ඉරානයේ න්‍යෂ්ටික බලාගාරයකට යළිත් ප්‍රහාරයක් – එක් අයෙක් මරුට 

0
6

ඉරානයේ බුෂේහ්ර් (Bushehr) න්‍යෂ්ටික බලාගාරය අසලට  ප්‍රහාරයක් එල්ලවී ඇති බව ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය පවසයි. 

එක්ස් ගිණුමෙහි සටහනක් තබමින් එම ආයතනය සඳහන් කළේ, මේ සම්බන්ධය සිය කනස්සල්ල පළ කරන බවයි.

කෙසේවෙතත් විකිරණ මට්ටම්වල වැඩිවීමක් වාර්තාවී නොමැති බව ද ඔවුන් සඳහන් කරයි. 

න්‍යෂ්ටික බලාගාර ස්ථාන සහ අවට ප්‍රදේශ කිසි විටෙකත් පහර නොදිය යුතු බවට ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය අවධාරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙයි. 

එමෙන්ම න්‍යෂ්ටික අනතුරක් වළක්වා ගැනීම සඳහා උපරිම සංයමයක් යුතුව කටයුතු කරන ලෙස ද ගෝලීය න්‍යෂ්ටික නිරීක්ෂණ ආයතනය හමුදාවෙන් ඉල්ලා සිටියි.

ඉරානයේ බුෂේහ්ර් න්‍යෂ්ටික බලාගාරය අවට ප්‍රදේශයට වත්මන් යුද්ධය අතරතුර සිව්වන වරටත් අද (04) ප්‍රහාරයක් එල්ලවී තිබේ.

ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කළේය.

ප්‍රහාරයෙන් බලාගාරයේ භෞතික ආරක්ෂක සේවකයෙකු මිය ගිය ගොස් ඇත.

එය අමෙරිකානු – ඊශ්‍රායල ප්‍රහාරයක් වනු ඇතැයි ඉරානයේ පරමාණුක බලශක්ති සංවිධානය චෝදනා කරයි.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ප්‍රහාරය තහවුරු කර නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

බුෂේහ්ර් යනු ඉරානයේ ඇති එකම ක්‍රියාකාරී න්‍යෂ්ටික බලාගාරය වන අතර එය ඉදිකිරීම සිදුව ඇත්තේ, රුසියානු සහාය ඇතිවය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here