කෝසල නුවන්ගේ පුරප්පාඩුවට සමන්ත නම් කරයි

0
14


අභාවප්‍රාප්ත කෝසල නුවන් ජයවීරගේ මහතාගෙන් පුරප්පාඩු වූ ජාතික ජන බලවේගයේ කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා සමන්ත රණසිංහ මහතාව නම්කළ බව මැතිවරණ කොමිසම පවසනවා .

ජාතික ජන බලවේග කෑගලු දිස්ත්‍රික් ලැයිස්තුවේ මීළඟට වැඩිම මනාප ලබා සිටින්නේ ඔහුයි.

පසුගිය මහ මැතිවරණයේදී ඡන්ද 41306ක් ලබාගත් එතුමා වෘත්තියෙන් විදුහල්පතිවරයෙක් .

කෝසල නුවන් ජයවීර මහතා අභාවප්‍රාප්ත වීමෙන් කෑගලු දිස්ත්‍රික් මන්ත්‍රී ධූරයක් පුරප්පාඩු වී ඇති බව පාර්ලිමේන්තුවේ වැඩ බලන මහලේකම් නීතිඥ වමින්ද කුලරත්න මහතා මැතිවරණ කොමිෂන් සභාවට පසුගිය (7) දැනුම් දී තිබුණා .



Saru FM Media

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here