ඉරානයට එරෙහි යුද්ධය ආරම්භවීමෙන් අනතුරුව පළමුවරට ප්‍රංශයට අයත් යාත්‍රාවක් සහ ජපානයට අයත් යාත්‍රාවක් ඊයේ (3) හෝමූස් සමුද්‍ර සන්ධිය තරණය කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
ඒ අනුව යුද උණුසුම මැද හෝමූස් තරණය කළ යාත්‍රා අයත් රටවල් අතළොස්ස අතරට ජපානය හා ප්‍රංශද ඇතුළත් විය.
එමෙන්ම එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, ඉරානයට එරෙහිව යුද්ධය ආරම්භ කිරීමෙන් පසු හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීමට අවසර දුන් බටහිර රටකට අයත් පළමු නෞකාව වන්නේද ප්‍රංශයට අයත් මෙම නෞකාව බව සඳහන්ය.
මේ අතර පර්සියානු බොක්ක ආශ්‍රිතව ජපානයට අනුබද්ධ නෞකා 45ක් තිබෙන බව වාර්තා වේ.
මෙම නෞකා ඉරානය විසින් අනුමත කරන ලද මුහුදු මාර්ගයක් ඔස්සේ යාත්‍රා කර ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ නමුත් ඉරානය විසින් කොපමණ නෞකා සංඛ්‍යාවකට මෙම මාර්ගය ඔස්සේ ගමන්කිරීමට අවසර දී ඇත්ද යන්න සඳහනක් නොමැත.
Saru News














