GMOA වැඩවර්ජනය වෘත්තීය අයිතිවාසිකම් ගැන ප්‍රශ්නයක් නෙවෙයි ඒක දේශපාලන වුවමනාවක් – සෞඛ්‍ය වෘත්තීය සමිති වලින්ම චෝදනා!

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කර තිබෙන වැඩවර්ජනය දේශපාලන වුවමනාවක් මත සිදුවන්නක් බවත් එහි වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලීමක් නැති බවත් සම සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පෙන්වා දෙයි.

එහි සම කැඳවුම්කරු චලිත් අමරදිවාකර පවසන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බංකොලොත් වෘත්තීය සමිති සමඟ එක්ව ආණ්ඩුවට බලපෑම් කිරීමේ රැල්ලක් ඇති කරමින් යන බවයි.

”රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් 15 වතාවක් විතර වර්ජන කරලා තියෙනවා.සෞඛ්‍ය සේවාවේ ඉන්න අය ගැන පත්වීම් සහ සේවා ලයිස්තු හදන්න වෘත්තීය සමිති වලට බැහැ.මේ ගැන තොරතුරු ගන්න නිලධාරීන් අධ්‍යක්ෂවරු ඉන්නවා. වෛද්‍යවරුන්ට පත්වීම් ලබා දීම තීරණය කරන්නේ එහෙමයි.මේ පත්වීම් ගැන බලපෑම් කරන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අයිතියක් නෑ. ස්ථාන මාරු ස්ථාන මාරු කිය කිය මේ හදන්නෙ මේ පත්වීම් වලට ඔවුන්ගේ මැදිහත්වීමක් කරන්නයි. ඒ කියන්නේ මීට පෙරත් ඔවුන් මේවට මැදිහත් වෙලා ඇති. දැන් දුෂ්කර සේවා කියන එක එන්න එන්න අඩු වෙනවා. දැන් රෝහල් පහසුකම් වැඩි වෙලා තිබෙනවා. දුෂ්කර කියන රෝහල්වල ඉන්නේ වෛද්‍යවරුන් පමණක් නොවෙයි. තව කාර්ය මණ්ඩලය ඉන්නවා. GMOA එක කියනවා රෝහල්වල පහසුකම් නැහැ කියලා. එහෙනම් අනිත් සේවකයන්ටත් මේ ප්‍රශ්නය තියෙන්න ඕන. වෘත්තීය සමිති විදියට අයිතියක් නෑ.සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්න තීරණ වලට මැදිහත් වෙන්න.

බංකොලොත් වෘත්තීය සමිති එක්ක එකතු වෙලා මේ යන්නේ ආණ්ඩුවට බලපෑම් කිරීමේ රැල්ලක්. මේ වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලිමක් නොවෙයි. මේ වැඩ වර්ජනය දේශපාලනිකයි. GMOA කටයුතු කරන්නේ බංකොලොත් දේශපාලන එක්කයි. මේ හරහා වෛද්‍යවරුන්ට තියන ගෞරවය නැති කරන්නයි මේ හදන්නේ. මේ වැඩ වර්ජනය තියෙන්නේ යම් යම් තැන් වල පමණයි. ගොඩක් තැන් වල සාමාන්‍ය විදියට ප්‍රතිකාර කරනවා. මේක සමස්තයේ තීරණයක් නොවෙයි.

රජයේ සේවය කළාට ඔය වෛද්‍යවරුන් පුද්ගලික සේවයේත් වැඩ කරනවා. පුද්ගලික සේවාවෙන් හෝ රෝගියාට ප්‍රතිකාර කරන එක හොදයි. හැබැයි නිදහස් අධ්‍යාපනය ලබලා පෞද්ගලික අංශයේ වැඩ කරලා සෞඛ්‍ය විකිණීම සදාචාරාත්මක නෑ.” යනුවෙන් ඔහු අවධාරණය කරයි.

The post GMOA වැඩවර්ජනය වෘත්තීය අයිතිවාසිකම් ගැන ප්‍රශ්නයක් නෙවෙයි ඒක දේශපාලන වුවමනාවක් – සෞඛ්‍ය වෘත්තීය සමිති වලින්ම චෝදනා! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here