ප්‍රංශ නැවක් හෝමූස් හරහා ලමන් කරයි

0
6

ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් පසු පළමුවරට ප්‍රංශ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ඒ හරහා ගමන් කර ඇති බව විදෙස් වාර්තා වල දැක්වේ.

එක්සත් ජාතීන්ගේ නිශේධ බලයක් ද හිමි ප්‍රංශය සතුරු රාජ්‍යයක් ලෙස ඉරානය නොසලකන බව මෙයින් පෙනී යන්නේ යැයි විශ්ලේෂකයෝ කියති.

මේ අතර, හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා තම නෞකාවලට ආරක්ෂිතව ගමන් කිරීමට අවසර ලැබෙනු ඇති බව පිලිපීනයේ විශ්වාසය වී ඇතැයි ද පැවසේ.

පිලිපීනය සහ ඉරානය අතර පැවති සාකච්ඡා ඉතා ඵලදායී සහ සුබවාදී වූ බව පිලිපීන විදේශ අමාත්‍ය තෙරේසා ලාසාරෝ මහතා මේ අතර මාධ්‍යට පවසා තිබේ.

එහිදී පිලිපීන ධජය සහිත නෞකාවලට, බලශක්ති සම්පත්වලට මෙන්ම පිලිපීන නාවිකයන්ට ආරක්ෂිත, බාධාවකින් තොරව සහ කඩිනම් ගමනාගමනය සඳහා අවසර ලබා දීමට ඉරානය පොරොන්දු වූ බවද ඔහු පවසා ඇත.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here