විස්සයි විස්ස ආසියානු බලාපොරොත්තු අතර ඊටත් එහාට දිගු වෙන මීටර් 400 බලාපොරොත්තු

0
8

නිශ්මං රණසිංහ ,අප්‍රේල් 04, කොළඹ LNW:

හොංකොං හී පැවත්වීමට නියමිත ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය වෙනුවෙන් පැවති තේරිම් තරගවලදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 18 දෙනෙකු පරිසාධන මට්ටම ඉක්මවා සුදුසුකම් ලබා ගෙන තිබෙනවා.මෙහිදී මීටර් 400 පිරිමි,මීටර් 200 පිරිමි සහ මීටර් 400 කඩුලු යන ඉසව් ත්‍රිත්වයේදීම එක් අයෙකුට වඩා වැඩි පිරිසක් අදාළ පරිසාධන මට්ටම ඉක්මවා සිටීම කැපී පෙනෙනවා.

ඒ අතර මීටර් 400 ඉසව්වේදී ක්‍රීඩකයන් පස් දෙනෙකුම අදාළ පරිසාධන මට්ටම ඉක්මවා දස්කම් දැක් වූවා.තත්පර 47.60 ක් වූ එහි පරිසාධණ මට්ටම ඉක්මවා දක්ෂතා දැක් වූ පස් දෙනා පහත දැක්වෙනවා.

ජේ ඔමෙල් ශෂින්ත ශාන්ත සෙබස්තියන් විද්‍යාලය 10122007 තත්. 45.79.
S M S W රාජකරුණා කුරුණෑගල DAA 2052007 46.39
ඕ පී තිසෙන් රන්විදු ශාන්ත පීතර විද්‍යාලය කොළඹ 21092007 46.83
I M බෝගොඩ ශාන්ත ජෝශප් වාස් විද්‍යාලය වෙන්නප්පුව 30062008 47.45
I එදිරිසිංහ ලයිසියම් ජාත්‍යන්තර පාසල වත්තල 26102008 47.52

ප්‍රතිපල ලේඛණයෙන් උපුටා සඳහන් කර තිබෙන මෙම දත්තවලට අනුව ඔවුන් ඉදිරිපත් වූ පාසල සහ ක්‍රීඩා සමාජයට පසුව සඳහන් වන්නේ ඔවුන් උපන් දවසයි.ඒ අනුව මේ ප්‍රතිපල අනාගතයට කෙතරම් වටිනා එකක් වනු ඇත්දැයි ඔබට සිතා ගැනීමට අපහසු නැහැ.විශේෂයෙන්ම මීටර් 400 පිරිමි සහය දිවීම ලෝක මට්ටමෙන් ඒ ඒ රටවල ජාතික වාර්තා සළකා බලද්දී ශ්‍රී ලංකාවේ ජාතික වාර්තාව තිබෙන්නේ 24 වන තැනයි.

ස්ථානය රට වාර්තාගත කාලය (විනාඩි:තත්පර) වසර
1 ඇමරිකා එක්සත් ජනපදය
(USA) 2:54.29 1993
2 බොට්ස්වානා
(BOT) 2:54.53 2024
3 මහා බ්‍රිතාන්‍යය
(GBR) 2:55.83 2024
4 බහාමාස්
(BAH) 2:56.72 2012
5 ජැමෙයිකාව
(JAM) 2:56.75 1997
6 නෙදර්ලන්තය
(NED) 2:57.18 2021
7 දකුණු අප්‍රිකාව
(RSA) 2:57.50 2025
8 බෙල්ජියම
(BEL) 2:57.75 2024
9 පෝලන්තය
(POL) 2:58.00 1998
10 ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ
(TTO) 2:58.12 2017
11 ජපානය
(JPN) 2:58.33 2024
12 ප්‍රංශය
(FRA) 2:58.45 2023
13 බ්‍රසීලය
(BRA) 2:58.56 1999
14 නයිජීරියාව
(NGR) 2:58.68 2000
15 ඕස්ට්‍රේලියාව
(AUS) 2:59.70 1984
16 කියුබාව
(CUB) 2:59.13 1992
17 කෙන්යාව
(KEN) 2:59.63 1992
18 ඉතාලිය
(ITA) 2:59.75 2024
19 රුසියාව
(RUS) 2:59.81 2008
20 ජර්මනිය
(GER) 2:59.86 1996
21 සෙනගාලය
(SEN) 3:00.64 1996
22 ස්පාඤ්ඤය
(ESP) 3:00.54 2022
23 ඉන්දියාව
(IND) 3:01.18 2024
24 ශ්‍රී ලංකාව
(SRI) 3:01.56 2023

මෙහි වාර්තාගත කාලයන් බොහෝ රටවල් දිහා බලද්දී බොහෝ කාලයකින් වෙනස් වි නැතත් 2023 දී ත් ශ්‍රී ලංකා වාර්තාව වෙනස් වී තිබෙන නිසා මීටර් 400 ඉසව්ව ශ්‍රී ලංකාව තුළ ප්‍රගතියක් අත්පත් කර ගනිමින් සිටින බව සිතිය හැකියි.ඒ අනුව මේ කණිෂ්ඨ තේරීම් තරගවලදි දක්වන ලද දක්ෂතා සළකා බලද්දී මීටර් 400 කේවල ඉසව්වටත් වඩා බරක් එහි සහය දිවීමට අපට තැබිය හැකි බවක් එම පස්දෙනා දක්වා ඇති දස්කම්වලදී පැහැදිළියි.

එසේම මීටර් 200 පිරිමි තරගයේදී ද 21.35 ක් වූ පරිසාධන මට්ටම ඉක්මවා යන්නට ඔමෙල් සෂ්මිත 21.22 මෙන්ම තිරෙන් රවිදු 21.07 සමත් වුණා.මීටර් 400 කඩුල ඉසව්වට පරිසාධන මට්ටම ලෙස දක්වා තිබුණේ තත්පර 53.00 ක කාලයක්.එහිදී නිමේෂ ඩයස් 52.10,එම්.ඒ රිෆයිල් 52.65 සහ යූ.ජී.කේ.ආර්.උයන්වත්ත 52.86 යන තිදෙකාම පරිසාධන මට්ටම ඉක්මවා යන්නට සමත් වුණා.එහෙත් එක ඉසව්වනට ශ්‍රී ලංකාවට තිදෙනෙකු සහභාගි කරවිමේ හැකියාව ලැබිම ගැන හිතන්නට අපහසුයි.

පහතින් දැක්වෙන්නේ සියළුම සුදුසුකම් ලැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නාම ලේඛණය ඡායාරූපයක් හැටියට වන අතර එම ඡායාරූපයේ කාන්තා උස පැනීමේදී මීටර් 1.75 ක් වූ පරිසාධන මට්ටමටම උස පැන්න ඩී.කේ.එම්.ඩී.අබේරත්නත් ඇතුළත් විය යුතු වෙනවා.එසේම මේ තරගාවලියේදි ගම්පොළ සිය පළමු පාසල හැර වත්තල ලයිසියම් වෙත පැමිණි තරුශි අභිෂේකා කණිෂ්ඨ කාන්තා මීටර් 1500 වාර්තා කරමින් කොටියා කැලේ මාරු වුණාට පුල්ලි මාරු නොවන බව පැහැදිළි කරන අපූරු ධාවනයක යෙදෙමින් විනාඩි 4:28.35 න් එම ඉසව්ව නිමා කරන්නට සමත් වුණා.ඡායාරූපයේ නමට ඉදිරියෙන් දක්වා තිබෙන්නේ එම ඉසව්වට බලාපොරොත්තු වූ පරිසාධන මට්ටමයි.

The post විස්සයි විස්ස ආසියානු බලාපොරොත්තු අතර ඊටත් එහාට දිගු වෙන මීටර් 400 බලාපොරොත්තු appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here