ඉරණවිලින් ඇල්ලූ චීන්නු 147, බංගලියෝ 13 හා වියට්නාම් ජාතිකයා රිමාන්ඩ්

0
7

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 147 දෙනා එළැඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ ඊයේ (03) එම සැකකරුවන් සහ සැකකාරියන් පිරිස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

 හලාවත ඉරණවිල පිහිටි හෝටලයක් කුළියට ගෙන එහි රැඳී සිටියදී මේ පිරිස ඊයේ අත්අඩංගුවට ගෙන තිබිණි.

යුද හමුදා බුද්ධි අංශය ලබාදුන් ඔත්තුවකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ අංශය විසින් මේ පිරිස අත්අඩංගුවට ගෙන තිබිණි.

අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 133ක්, බංගලාදේශ ජාතිකයින් 13ක් සහ වියට්නාම් ජාතියෙක් සිටින බව පොලීසිය සඳහන් කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here