පාස්කු දා ප්‍රහාරයේ මහ මොළකරු හෙළි කරන බවට විශාල ප්‍රචාරයක් ලබා දෙමින් උදය ප්‍රභාත් ගම්මන්පිල විසින් ප්‍රකාශයට පත් කළ ප්‍රබන්ධයේ අඩංගු කරුණු පිළිබඳව ඔහු නොදන්නා බව හෙළි විය.
ස්වර්ණවාහිනී රූපවාහිනී නාලිකාවේ “රතුඉර” වැඩ සටහනට එක් වූ ගම්මන්පිලගෙන් එම වැඩ සටහන මෙහෙය වූ මාධ්‍යවේදී ක්ලෝඩ් ගුරුබෑවිල මතු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දිය නොහැකිව රස පරීක්ෂක වාර්තාවක මුවාවීමට උත්සාහ දැරිය.
ගම්මන්පිලගේ එම හැසිරීම සම්බන්ධයෙන් දැඩි උපහාසයට ලක් කරන විශ්ලේෂකයන් හඳුන්වා දී ඇත්තේ “දොර ලොක් හෝම්ස්” ලෙස ය.
කල්මුණේ පොලිස් බල ප්‍රදේශයේ සහ අම්පාර පොලිස් බල ප්‍රදේශය දෙකක් ඇති බවවත් නීතිඥයෙකු ද කියා ගන්නා ගම්මන්පිල නොදන්නා බව තහවුරු කරමින් මෙම ප්‍රබන්ධය රචනා කර ඇත.
15
Saru News













