ඉරණවිලදී අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් පිරිස රිමාන්ඩ්

0
4

අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් 147 දෙනා එළැඹෙන 09 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඒ අද (03) එම සැකකරුවන් සහ සැකකාරියන් පිරිස හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

සැකකරුවන් අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබුණේ හලාවත ඉරණවිල පිහිටි හෝටලයක සිටියදීය.

අත්අඩංගුවට ගත් පිරිස අතර චීන ජාතිකයින් 133ක්, වියට්නාම් ජාතිකයින් 13ක් සහ එක් මැලේසියානු ජාතිකයෙකුද සිටි බව පොලීසිය පැවසුවේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here