බලශක්ති ඇමැති කියයි
ලංකා විදුලි බලමණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් එහි සිටින සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට හානියක් නොවන බව බලශක්ති ඇමැති කුමාර ජයකොඩි මහතා ඊයේ (15දා) පැවසීය.
ප්‍රතිව්‍යුහගත කිරීම කොටස් හතරකට සිදුකරන බවත් එයට අකමැති සේවකයන්ට සේවයෙන් ඉවත්වීමට හැකි බවත් සේවයෙන් ඉවත්වන සේවකයකු වෙනුවෙන් රුපියල් ලක්‍ෂ 50ක උපරිම වන්දියක් හිමිවන බවත් කොළඹ ඊයේ (15දා) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා පැවසීය.
ප්‍රතිව්‍යුහගත කිරීම මගින් විදුලි බලමණ්ඩලය කොටස් හතරකට වෙන් කළ ද එම කොටස් හතරම මහා භාණ්ඩාගාරයට සියයට සියයක හිමිකාරීත්වයක් ඇති ආයතන බවද ඇමැතිවරයා කීය. ඇතැම් වෘත්තීය සමිති නිසි ලෙස කරුණු අවබෝධ කර නොගෙන අදහස් ප්‍රකාශ කරමින් වෘත්තීය අරගලයට යොමුවන බව පවසන නමුත් ප්‍රතිව්‍යුහගත කිරීම තුළින් සේවකයන්ගේ රැකියා අහිමිවීමක් සිදුනොකරන බව තමා ප්‍රකාශ කරන බවද ඇමැතිවරයා කියා සිටියේය.
චමින්ද සිල්වා
Saru FM Media