හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප්‍රකාශයක් ලබා දීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබෙනවා.
ඔහු මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබුලින් ආනයනය කළ බවට එල්ල වන චෝදනාවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (09) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද දැනුම්දීමට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (08) උදෑසන 09.30 ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර ඊට අදාළව ඔහු පසුගිය කාලයේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමකට ලක් වුණා
Saru FM Media