ඉරාන යුද්ධය සඳහා ‘බරෑරුම්’ ප්‍රවේශයක් අවශ්‍ය බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් පවසයි.
දකුණු කොරියාවේ නිල සංචාරයක නිතරව සිටින ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීමකදී ඔහු මේ බව ප්‍රකාශ කර ඇත.
මෙය ප්‍රදර්ශනයක් නොවන බවත් අප සාකච්ඡා කරන්නේ යුද්ධය සහ සාමය පිළිබඳව බවත් එය පිරිමින්ගේ සහ කාන්තාවන්ගේ ජීවිත සම්බන්ධ කරුණක් බවත් ප්‍රංශ ජනාධිපතිවරයා අවධාරණය කළේය.
එමෙන්ම අමෙරිකානු ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් ‘බරෑරුම්’ විය යුතු නම් දෛනිකව පරස්පර ප්‍රකාශ සිදු නොකළ යුතු බවට එමානුවෙල් මැක්‍රොන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
ඔහු මේ බව සඳහන් කර තිබුණේ, වත්මන් මැදපෙරදිග අර්බුදය සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය විසින් මෑතකදී නිකුත් කරන ලද ප්‍රකාශ පදනම් කරමිනි.
විවිධ කාලවලදී ට්‍රම්ප් පරිපාලනය යෝජනා කර ඇත්තේ සටන් විරාමයක් ආසන්න බවත්, යුද්ධය දැනටමත් ජයග්‍රහණය කර ඇති බවත් හෝ එක්සත් ජනපදය සටන් කිරීමට යන බවත්ය.
අමෙරිකානු ජනාධිපතිවරයා දෛනිකව ප්‍රකාශ නිකුත් නොකළ යුතු බවත් ඇතැම් කරුණු සන්සුන්වීමට ඉඩ හැරිය යුතු බවත් ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Saru News
















