බලපත්‍ර නොමැතිව ඉන්ධන ළඟ තබාගත් දෙදෙනෙකු අත්අඩංගුවට

0
5

තඹලගමුව, මොල්ලිපොතාන ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව ඉන්ධන තොගයක් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එහිදි සැකකරුවන් සතුව තිබී ඩීසල් ලීටර් 2,045ක් පොලීසිය විසින් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 41 හැවිරිදි සහ 61 හැවිරිදි ත්‍රීකුණාමලය සහ තඹලගමුව ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන් වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් තඹලගමුව පොලීසිය විමර්ශන සිදුකරනු ලබයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here