රාජපක්ෂ කල්ලියේ සුරතලෙකු වන ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නැගෙනහිර පළාතේ සෙවනපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය වදකාගාරයක් තුළ පොලිස් සහ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් ඝාතනය කර පුලුස්සා දමන ලද බවට තොරතුරු අනාවරණය වී තිබේ.
නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපති ශිවසුබ්‍රමනියම් රවීන්ද්‍රනාත් පැහැර ගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණවල දී මේ බව අනාවරණය වී ඇත. එම උපකුලපතිවරයා ද එම වදකාගාරය තුළ දී ඝාතනය කර පුළුස්සා දැමූ බවට පිල්ලෙයාන් විසින් ම මහේස්ත්‍රාත්වරයෙකු ඉදිරියේ ප්‍රකාශ කර ඇත. ඊයේ (02) පිල්ලෙයාන් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙවැනි තොරතුරු රැසක් අධිකරණයට ඉදිරිපත් කළ අතර, වසරකට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කිරීමට ලක් වූ පිල්ලෙයාන් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී පිල්ලෙයාන්ගේ කල්ලියට T56 ගිනි අවි 362ක්, මිලි මීටර් 9 වර්ගයේ පිස්තෝල 36ක් සහ මයික්‍රෝ ගිනි අවියක් ලබා දී ඇති අතර, එම ගිනි අවි නැවත රජයට බාර දී නැති බව ද අධිකරණයට කරුණු ඉදිරිපත් කරනු ලැබීය. ඊට අමතරව, පාස්කු දින එල්ල කරන ලද ප්‍රහාරයට ද පිල්ලෙයාන්ගේ සම්බන්ධයක් ඇති බව මේ වනවිට හෙළි වී තිබේ.
මේ අතර, පිල්ලෙයාන්ගේ නීතිඥයා ලෙසින් ඉදිරිපත් වී සිටින උදය ප්‍රභාත් ගම්මන්පිල මාධ්‍ය හමුවල දී ප්‍රකාශ කර තිබුණේ පිල්ලෙයාන් යනු එල්ටීටීඊ පරාජය කිරීමට දායක වූ රණ විරුවෙකු බව ය.
1
Saru News
















