අද කොළඹට වතුර කැපෙන්නේ මෙහෙමයි

0
3

දිවයිනට බලපා ඇති වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට අද (03) දිනයේ ද ජල කප්පාදුවක් සිදුකෙරේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ඊයේ (02) නිකුත්කළ නිවේදනයට අනුව කලටුවාව සහ ලබුගම ජලාශවලින් ජලය සපයන පාදුක්ක, හෝමාගම, පැලන්වත්ත සහ පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.

ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට ඊයේ (02) රාත්‍රී 8 සිට අද (03) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් මේ වන විට ක්‍රියාත්මක වේ.

එමෙන්ම හෝමාගම ප්‍රදේශයට අද (03) රාත්‍රී 8 සිට හෙට (04) රාත්‍රී 8 දක්වා පැය 24ක කාලයකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

තවද පැලැන්වත්ත ප්‍රදේශයට හෙට (4) රාත්‍රී 8 සිට පසුදින (අප්‍රේල් 5) රාත්‍රී 8 දක්වා ජල කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇත.

මෙම ජල කප්පාදුව ඉහත සඳහන් කළ ප්‍රදේශවලට දින තුනකට වරක් සිදු කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය තීරණය කර තිබේ.

කෙසේ නමුත් ජල කප්පාදුව සිදු නොවන දිනවල අඛණ්ඩව ජල සැපයීමක් ලබාදීමට කටයුතු යොදා ඇත.

ඒ අනුව පාදුක්ක ප්‍රදේශයට අප්‍රේල් 7 වැනිදා, හෝමාගමට අප්‍රේල් 8 වැනිදා සහ පැලැන්වත්තට අප්‍රේල් 9 වැනිදා යළිත් ජල කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව එම මණ්ඩලය සඳහන් කළේය.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here