මහ සිකුරාදා දිනය අදයි

0
2

ක්‍රිස්තුස් වහන්සේගේ දුක්ප්‍රාප්තිය, කුරුසියේ ඇණ ගැසීම සහ මරණය සිහිකරන මහ සිකුරාදා දිනය අද(03)ට යෙදි තිබේ.

අළු බදාදා දිනයෙන් ආරම්භ වූ චතාරික සමය තුළ යැදුම්, උපවාස සහ පුණ්‍ය ක්‍රියා සිදු කරමින් එය මෙනෙහි කළ කිතුණු බැතිමතුන්, අද දිනයේදී දේවස්ථානවල පැවැත්වෙන විශේෂ දේව මෙහෙයන්ට එක්වීමට නියමිතය.

ක්‍රිස්තුස් වහන්සේ කුරුසියේ තබා ඇණ ගැසීම සහ මරණය සිහිකරමින් එදිනට නියමව ඇති වත්පිළිවෙත් ඉටු කිරීමට කිතුණු බැතිමතුන් කටයුතු කරන අතර ඊට සමගාමීව කතෝලික දේවස්ථානවල පැය තුනක දේව මෙහෙයක් පැවැත්වෙයි.

මහ සිකුරාදා දිනට පසු ඉරිදාවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් උත්ථානය වූ බව කතෝලික බැතිමතුන්ගේ විශ්වාසයයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here