ප්‍රදේශ කිහිපයකට හවසට ගිගුරුම් සහිත වැසි

0
4

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (03) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප. ව 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවය. 

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල, ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.  

නැගෙනහිර පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ උදැසන කාලයේදීත් වැසි ඇති වේ.

මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු-මැද පළාත්වල සහ වව්නියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී. 

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here