ජාතික ජල කළමනාකරණය පිළිබඳ ජනපතිගෙන් උපදෙස්!

0
3

රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :

ජල කළමනාකරණ පද්ධතිය විධිමත් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී දේශගුණික විපර්යාස සහ එල්නිනෝ තත්ත්වය හමුවේ ඇති විය හැකි අභියෝග මෙන්ම, ඉදිරි වර්ෂාපතන පුරෝකථනයන් සහ පවතින ජල ධාරිතාව පිළිබඳව ගැඹුරින් අවධානය යොමු කර ඇත.

විශේෂයෙන්ම යල කන්නයේ කෘෂිකාර්මික කටයුතු, පානීය ජල අවශ්‍යතාව සහ ජල විදුලි උත්පාදනය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ගතයුතු උපායමාර්ගික පියවර මෙහිදී සාකච්ඡාවට බඳුන් වී තිබේ.

අදාළ අමාත්‍යාංශ සහ ආයතනවල ඉහළ පෙළේ නිලධාරීන් රැසක් සහභාගී වූ මෙම හමුවේ මූලික අරමුණ වූයේ සීමිත ජල සම්පත ප්‍රශස්ත ලෙස පරිහරණය කිරීම සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගැනීමයි.

මේ හරහා රටේ ආර්ථිකය හා ජන ජීවිතය සුරක්ෂිත කිරීමට අවශ්‍ය පූර්ව සූදානම පිළිබඳව පැහැදිලි දළ විශ්ලේෂණයක් සපයා තිබේ.

The post ජාතික ජල කළමනාකරණය පිළිබඳ ජනපතිගෙන් උපදෙස්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here