ශ්‍රී ලංකා – ලෝක බැංකු නව ආර්ථික හවුල්කාරිත්වයක්!

0
3

රෂිකා හෙන්නායක අප්‍රේල් 02, කොළඹ LNW :

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය එක්ව මෙරට ආර්ථික වර්ධනය වේගවත් කිරීම සඳහා නව පස් අවුරුදු හවුල්කාරිත්ව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.

මෙහි ප්‍රධාන අරමුණ වන්නේ පෞද්ගලික අංශය සක්‍රීය කිරීම මඟින් තරුණ තරුණියන් වෙනුවෙන් නව රැකියා අවස්ථා මිලියනයක් උත්පාදනය කිරීමයි.

මේ යටතේ ඉදිරි වසර කිහිපය තුළ ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව හරහා ඩොලර් බිලියන දෙකකට අධික මූල්‍ය ආයෝජන මෙරටට හිමි වීමට නියමිතය.

සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ යහපාලන ප්‍රතිපත්ති මත පදනම්ව රට තිරසාර සංවර්ධනයක් කරා ගෙන යාමට රජය මෙහිදී කැපී පෙනෙන උත්සාහයක නිරත වේ.

මෙම සහයෝගිතාවය මධ්‍ය කාලීනව මෙරට ආර්ථික වර්ධන වේගය 7% දක්වා ඉහළ නැංවීමට මහෝපකාරී වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නවෝත්පාදන සහ තරගකාරීත්වය දිරිමත් කරමින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම මෙහි අවසාන අරමුණයි.

The post ශ්‍රී ලංකා – ලෝක බැංකු නව ආර්ථික හවුල්කාරිත්වයක්! appeared first on LNW Sinhala.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here