පියතුමාට පහරදුන් පොලීසියේ හය දෙනාගේ වැඩ තහනම්!

0
11

කොළඹ LNW:කතෝලික පියතුමෙකුට පහරදීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ පොලිස් නිලධාරීන් හයදෙනෙකුගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කර තිබේ.

ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත සංග්‍රාමික යතුරුපැදි කණ්ඩායමේ නිලධාරීන් හයදෙනෙකු එලෙස සේවා තහනමට ලක් කර ඇත.

අදාළ සැකකාර පොලිස් නිලධාරීන් පිරිස ඊයේ (26) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර එහිදී ඔවුන් එළඹෙන 29 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකරුවන් ලබන 29 වැනිදා හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය විසින් පොලීසියට නියෝග කර තිබේ.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here