අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ චක්‍රලේඛයක්

0
3

පාසල් තුළ විනය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

මෑතකදී ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් ද පාදක කර ගනිමින් නිකුත් කළ මෙම නව උපදෙස් මාලාවට අනුව, දඬුවම් කිරීමේ ක්‍රමයක් ලෙස හෝ වෙනත් කිසිදු හේතුවක් මත දරුවෙකුට ශාරීරික හෝ මානසික හානියක් සිදු කිරීම සම්පූර්ණයෙන් තහනම් වේ. එමෙන්ම සිසුන් සමඟ කටයුතු කිරීමේදී, ඔවුන්ගේ ධනාත්මක හැසිරීම් වර්ධනය උදෙසා සුදුසු මැදිහත්වීම් සහ මඟ පෙන්වීම් ලබා දීම වැනි ක්‍රමවේද අනුගමනය කළ යුතුය.

කිසිදු ආකාරයක ශාරීරික දඬුවමක් කවර මට්ටමකින්වත් සිදු කළ නොහැකි අතර, මෙම නියෝග උල්ලංඝනය කරන වැරදිකරුවන්ට එරෙහිව නීතිය මඟින් දැඩිව කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කරයි.

Saru News

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here